‘‘එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් වූ හානිය ගණනය කළ නොහැකියි‘‘


(අංජුල මහික වීරරත්න)

එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම සම්බන්ධයෙන් කොතරම් වන්දි මුදලක් රටට ලැබුනත් එයින් අපේ පරිසරයට සිදු වූ හානිය නැවත යථා තත්ත්වයට ගැනීමට නොහැකි වනු ඇතැයි පරිසරවේදිනී ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය පවසන්නීය.

නයිට්‍රික් අම්ලය මුහුදු ජලයට එක් වූ විට ජල ජීවීන් සහ ජලජ පැලෑටි ,කොරල් පර පවා විනාශ වන බව කී අජන්තා පෙරේරා මහත්මිය මෙි නිසා ශ්‍රී ලංකා මුහුදු කලාපයේ මත්ස්‍ය ගහනයේ දැවැන්ත අඩු වීමක් සිදු විය හැකි බවද කියන්නීය.

මෙවැනි නැවකට වියහැකි විපතක් කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය උපකරණ නැතිනම් නැවට ලංකාවෙි මුහුදු කලාපයට පැමිණීමට ඉඩ දුන්නේ ඇයිදැයි ප්‍රශ්න කළ අජන්තා පෙරේරා මහත්මිය පරිසර අමාත්‍යාංශය ද මීට වඩා වගකීමෙන් ක්‍රියා කළ යුතු බවද කීවාය.